Monday, October 22, 2018

“වැඩ කටයුතු හමාර වී ඉස්පාසුවක් ඇති වූ විට ඔවුන්ගේ භාෂාවෙන් අම්බලම යැයි කියන ආගන්තුකයන්ගේ හා මඟීන්ගේ නැවතීම සඳහා සාදා තිබෙන ස්ථානයන්ට රැස් වී වාඩිගෙන බුලත් කමින් එකිනෙකා දෙස සන්සුන් ලෙසත්, උදාර ලෙසත් බලාගෙන රාජ සභාවේ කටයුතු රජු සහ ප්‍රධානින් අතර කටයුතු, නගරයේ මිනිසුන් යෙදී සිටින රැකී රක්ෂා සම්බන්ධයෙන් ද, අවාහ, විවාහ, නෑගම්, මළගම්, ගම් දනව් පුද්ගලයන් පිළිබඳව සම්භාෂණයෙහි යෙදෙති.” යනුවෙන් මෙරට එළිමහන් සිරකුරුවකු සිටි. රොබට් නොක්ස් නම් ඉංගී‍්‍රසි ජාතිකයා එදා හෙළදිව පොතේ වාර්තා කර තිබේ. අම්බලමක් යනු ආගන්තුක මඟීන් සඳහා නැවැතී විවේක ගැනීමට තැනුවකි. 

ඔන්න ඔහොමලු අම්බලම් ගැන කියල තියෙන්නේ. මේ අම්බලම හදන්නෙත් විවේක පාඩුවේ ඔයාලට ගොඩ වෙලා යන්න. ලියන දෙයක් කියවලා හිතෙන දෙයක් ලියලා යන්න. ආදරෙන් පිළිගන්නවා මගේ පුංචි අම්බලමට ❤❤❤


1 comment:

  1. මේ පනාවිටිය අම්බලම නේද?

    අද ඉඳං එන්නං පොඩ්ඩක් නැවතිලා, කතා බහ කරල, කියවලා, බලලා යන්න

    ReplyDelete