Tuesday, October 23, 2018

ආදරය සහ SEX



බොහෝ දෙනා ආදරේ කියලා වරදවා වටහාගන්නේ ආකර්ෂණය...... සමහර විට අපි අහලා තියනවා වගේම කියලා තියනවා... අපි එකිනෙකා පතාගෙන ආවා කියලා.... පට්ට බොරුනේ...... 
සැබෑ ජිවිතයේ දී එහෙම වෙන්න පුලුවන්ද ? අපි කරන්නේ ආකර්ශණය සාධාරණිකරණය කරන්න වෙන වෙන ලේබල් අලෝගන්නවා...... 

බෙහෝ දේ නිසා ආකර්ශණය ඇතිවෙන්න පුලුවන්..... 
සලමන් ඛාන්ට ඇයි ගෑණු ළමයි ආදරේ කියන්නේ...... ඒ ආදරේ නිසාද... නැහැ ආකර්ශණය..... එක්කෝ රූපෙට... නැත්නම් සල්ලි වලට......
මම ගෑනු ළමයින්ගෙන් ප්‍රශ්ණයක් අහන්න කැමතියි...
කට්ට කළු..... ෆුල් තට්ට..... දික්කසාද චෙව්ව මනුස්සයෙක් කසාද බඳින්න කිව්වොත් මොකද කියන්නේ ....?
කැමති වෙනවද...... ?
හිතට එකඟව පිලිතුරැ දෙන්න......

හැබැයි මේ පුද්ගලයා ලෝක පුජිත නම්..... පුපුරන්න සල්ලි තියනවා නම්..... අකැමැති නොවී ඉන්නවද....? ඒ විවාහ වෙන්නේ ආදරය නිසාමද......

දැන් හිතන්න එපා මම ආදරේ හෑල්ලුවට ලක් කරනවා කියලා.....

නැහැ මම ආදරේ හොඳට දන්නවා... හඳුනනවා.....මම දකින්නේ ආදරේ කියන්නෙ සමීකරණයක්....

බොහෝ අයට අරියට විසඳගන්න බැරි උන....


(කැපවීම + විශ්වාසය) x SEX  = ආදරය


කැපවීම සහ විශ්වාසය තමයි ආදරෙයේ මුලික අඩිතාලම්.....

අපිට අපි අපි වෙනුවෙන් කොයි තරම් කැපවෙන්න පුලුවන්ද....මොකක්ද මේ කියන කැපවීම.....එකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් කරන්න පුලුවන් කැපවීම....මානසික වගේම කායික වශයෙන්...... සරළව කිව්වොත් එක්නෙකා කොයි තරම් දුරට ඉවසන්න පුලුවන්ද...... එහෙම නැත්නම් එකිනෙකාගේ කැමැති අකැමැති දේ අපිට කොයි තරම් දුරට දන්නවද.... ඒ අනුව අපි වෙනස් වෙනවද කියන එක.....  මට හැඟුන දෙයක් තමයි බොහෝ දෙනෙක් එකිනෙකාගේ ඉතාමත් සරල අවශ්‍යතා හඳුනාගෙන නැහැ කියන එක....එහෙම නම් කොහොමද ජිවිත කාලයක් පුරා එකට ජීවත් වෙන්නේ....

අනිත් කාරනේ විශ්වාසය.... අපි එකිනෙකා කොයි තරම් විශ්වාස කරනවද...? කියන කාරණය..... විශ්වාසය කියන දේ අර්ථ දැක්වීම හරිම අමාරැයි..... අපි එකිනෙකාගේ වචන කොයි තරම් විශ්වාස කරනවද...?
ක්‍රියාකාරම් කොයි තරම් විශ්වාස කරනවද...?
හැබැයි විශ්වාසය මේ පදනම තමයි එකිනෙකා පිළිබඳ දැනීම.... ඒ කියන්නේ නැවතත් අපි එන්නේ මුලටම..... අපි එකිනෙකා ගේ ගැන කොයි තරම් දුරට දන්නවද කියන දේ....

මේ කියන පදනම් ශක්තිමත් වෙන්නේ කායික වශයෙන් තියන බැඳීම.... එහෙමත් නැත්නම් ලිංගිකත්වය.... එහෙමත් නැත්නම් ශාරීරික වශයෙන් තියන බැඳීම...... අපි කොයි තරම් පිළිගන්න අකැමැති උනත් ලිංගිකත්වය මත් තියන බැඳීම විවාහයට  ගොඩක් වැදගත්... අපි හැඟීම් දැනීම් තියන මනුස්සයෝ..... තමන්ගේ ලිංගික ජීවිතය තෘප්තිමත් නැත්නම් අපිට නොදැනීම අපි ඒ තෘප්තිය හොයාගෙන යනවා.... ආදරය මත පදනම් වෙලා විතරක් විවාහ ජීවිතය පවතිනවානම් අද මේ තරම් අපිට ගෑණු පිරිම භාහිර ඇසුරු හොයගෙන යන්නේ නැහැ නේද....?

තරුණ කාලේ ආදරය බොහොම සුන්දරයි.... ආදරය වගේම විරහවත් බොහොම සුන්දරයි.....තරුණ කාලේ අපි එකිනෙකා කෙරෙහි ආකර්ශණය වෙනවා....හැඟීම් සහ ආකර්ශණයට අපි ආදරේ කියලා කියනවා.... 
තරුණ කාලේ විරහව හරිම සුන්දරයි.... ඒ දැනෙන හැඟීම දැනටත් විඳින්න තියනවා හිත ප්‍රිය කරනවා.... සමහර වෙලාවට අපි අපිට නොදැන්වත්වම ඒ විරහාවේ සුන්දරත්වය විඳින්න උත්සහා කරනවා..... 

Monday, October 22, 2018

“වැඩ කටයුතු හමාර වී ඉස්පාසුවක් ඇති වූ විට ඔවුන්ගේ භාෂාවෙන් අම්බලම යැයි කියන ආගන්තුකයන්ගේ හා මඟීන්ගේ නැවතීම සඳහා සාදා තිබෙන ස්ථානයන්ට රැස් වී වාඩිගෙන බුලත් කමින් එකිනෙකා දෙස සන්සුන් ලෙසත්, උදාර ලෙසත් බලාගෙන රාජ සභාවේ කටයුතු රජු සහ ප්‍රධානින් අතර කටයුතු, නගරයේ මිනිසුන් යෙදී සිටින රැකී රක්ෂා සම්බන්ධයෙන් ද, අවාහ, විවාහ, නෑගම්, මළගම්, ගම් දනව් පුද්ගලයන් පිළිබඳව සම්භාෂණයෙහි යෙදෙති.” යනුවෙන් මෙරට එළිමහන් සිරකුරුවකු සිටි. රොබට් නොක්ස් නම් ඉංගී‍්‍රසි ජාතිකයා එදා හෙළදිව පොතේ වාර්තා කර තිබේ. අම්බලමක් යනු ආගන්තුක මඟීන් සඳහා නැවැතී විවේක ගැනීමට තැනුවකි. 

ඔන්න ඔහොමලු අම්බලම් ගැන කියල තියෙන්නේ. මේ අම්බලම හදන්නෙත් විවේක පාඩුවේ ඔයාලට ගොඩ වෙලා යන්න. ලියන දෙයක් කියවලා හිතෙන දෙයක් ලියලා යන්න. ආදරෙන් පිළිගන්නවා මගේ පුංචි අම්බලමට ❤❤❤